Friday, October 28, 2016

Zippyshare Online file sharing. "zippyshare" වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය මගින් ලිපිගොනු බෙදාගැනීම

අදත් ඔන්න මම පොඩි වැඩ කෑල්ලක් අරගෙනයි ආවෙ ඒ තමයි online file sharing ඒ කියන්න අන්තර්ජාලය හරහා අපේ ලඟ තියෙන apps,videos,photos,mp3 වගේ දේවල් තවත් කෙනෙකුට බෙදාදීම(Download කිරීමට ලබාදීම) අද කාලෙ මේ වගේ දේවල් නොදන්න කෙනෙක් නැති තරම්. ඒ වුනත් තවමත් මේවා ගැන වැඩි දැනුමක් නැති අය ඉන්නවා. ඒ අයටත් මේ වගේ දේවල් ඉගෙනගන්න අවස්ථාව ලබාදෙන එක  තමයි අපේ වගකීම. ඔන්න එහෙනම් කතාව නවත්වලා වැඩේට බහිමු. මේ online file sharing කියන සේවාව අපට ලබාදෙන ගොඩක් වෙබ් අඩවි තිබුණත් අද මම කතා කරන්නෙ Zippyshare කියන වෙබ් අඩවියෙන් ලබාදෙන file sharing ස්වය ගැන. (මම මේ zippyshare ගැනම කතා කරන්නේ මේ වෙබ් අඩවිය භාවිතා කරන එක ගොඩක් ලේසියි. ඒ වගේම මේ සේවාව අපට ලැබෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ) ඉස්සෙල්ලාම ඔයාලා මේ zippyshare වෙබ් අඩවියට මෙතනින් යන්න. මේ අඩවිය පාවිච්චි කරන්න කලින් ඔයාලා මේ වෙබ් අඩවියෙහි ලියාපදිංචි වෙන්න ඕන. ඒකට මේ වෙබ් අඩවියට පිවිසුණාම උඩම තියෙන (New) Sign Up! කියන කොටස ක්ලික් කරලා එන පෝමර්  එකට Username:  Password: එහෙම දීලා ලියාපදිංචි වෙන්න. පහල තියෙන රූප දෙක බැලුවාම ඔයාලාට මේක පැහැදිලි වෙයි.
ලියාපදිංචි වෙලා ඉවරයි නම් දැන් අපේ files මේ අඩවියට upload කරන හැටි බලමු ඒ සදහා ඔයාලා කලින් හදාගත්තු zippyshare එකවුන්ට් එකේ Username:  Password: වෙබ් පිටුවේ උඩ තියෙන Login කියන තැනට ඇතුළත් කරලා Login වෙන්න. ඊට පස්සේ එන පිටුවේ තියෙන "Old HTML Upload" කියලා තියෙන තිරුවේ දකුණු පැත්තෙන් තියෙන "BROWSE" කියන තැන ක්ලික් කරලා ඔයාලාට ඕන කරන file එක තෝරලා "START UPLOAD" කියන එක ක්ලික් කරලා upload කරන්න. (1 රූපය) ඒ file එක upload වෙලා ඉවර වුනාම වෙනත් වෙබ් පිටුවක් එයි ඒ පිටුවේ තියෙන web link එක copy කරගන්න. ඊට පස්සේ ඒ web link එක ඔයාලාට ඕන කරන කෙනෙකුට යවන්න. එතකොට එ් කෙනාට ඒ web link එක Web Browser එකේ ධාවනය කරලා ලැබෙන වෙබ් පිටුවේ තියෙන 
"DOWNLOAD NOW" කියන තැන ක්ලික් කරලා ඔයා upload කරපු file එක Download කරගන්න පුළුවන්. (2 රූපය)

ඔයාලාට ඕන files upload කරන්න නිතරම මේ zippyshare වෙබ් අඩවියට යන එන එක අමාරු නිසා ඒක පහසු කරන්න මම පොඩි ඇප් කෑල්ලක් හැදුවා ඕන අය ඒකත් පහල තියෙන Download කියන තැන ක්ලික් කරලා ඒකත Download කර ගන්නකෝ.

තව දෙයක් මේ දේ ගොඩක්ම වැදගත් වෙන්න බ්ලොග් එකක් තියෙන කෙනෙකුට මොකද බ්ලොග් එකක් හරහා මොකක්හරි file එකක් Download කරන්න දෙන එකඅමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්නේ. එහෙනම් ඔන්න මම ගියා...

Zippyshare app download
>>>>>>>>>>> Download <<<<<<<<<<<

"Tubemate" යූ ටියුබ් වීඩියෝ Download කිරීමට හොඳම ක්‍රමය

YouTube යනු, අද වන විට, ලොව වීඩියෝ ආශ්‍රිත වෙබ් අඩවි අතරින් ප්‍රධාන ස්ථානය හිමි කරගත් වෙබ් අඩවියකි. අද වන විට බොහොමයක් පිරිස smartphone , පරිගණක වැනි උපාංග  භාවිතා කරමින් මෙම YouTube වෙබ් අඩවිය තුළින් විවිධ වර්ගයේ වීඩියෝ නැරඹීම සිදුකරයි. ඒ අතරිනුත් වැඩි පිරිසක් smartphone භාවිතා කොට YouTube වෙත පිවිසෙන පිරිසයි. ඔබ එළෙස YouTube වෙතින් නරඹන වීඩියෝ අතරින් ඔබ වඩාත් කැමති වීඩියෝවක් YouTube හරහා කැමති වාර ගණනක් නැවත නැවත නැරඹීම කළහැකි වුවත් එය ආර්ථික අතින් නම් එතරම්ම වාසිදායක වන්නේ නැත. ඊට හේතුව වන්නේ YouTube මගින් වීඩියෝ නැරඹීමේඳි අධික ලෙස "ඩේටා" වැය වීමයි. මේ හේතුන් මත අපට මෙම වීඩියෝ බාගතකිරීමේ (Download)  අවශ්‍යතාව මතුවේ. මේ සඳහා අපට අවශ්‍ය වීඩියෝ බාගතකිරීමට සහය වන ඇන්ඩ්‍රෝයිඩ් යෙදුම් (apps), Android Market එසේත් නැතිනම් play store තුළ බොහොමයක් තිබුනද එම යෙදුම් අතරින් බොහොමයක් යෙදුම් නිවරැදි ක්‍රියාකාරිත්වයක් අපේක්ෂා කළ නොහැකි YouTube සඳහා සහය නොදක්වන යෙදුම් වේ. ඇතැම් යෙදුම් නිවරැදි ක්‍රියාකාරිත්වයක් සහිත YouTube සඳහා සහය දක්වන යෙදුම් වුවත් එම යෙදුම් මගින් YouTube වීඩියෝ බාගතකිරීම තරමක් දුරට අසීරු ක්‍රියාවකි. මෙම අසීරුකම් වලින් තොරව පහසුවෙන්ම YouTube වීඩියෝ Download කිරීමට විශිෂ්ඨ යෙදුමක් ලෙස "TubeMate" හදුන්වාදිය හැක.

මෙම "TubeMate" යෙදුමෙහි 2.2.6 සංස්කරණය බාගත කරගැනීමට පහත "Download" ක්ලික් කරන්න.

<<<<<<<<<<< Download >>>>>>>>>>>


Saturday, October 15, 2016

"විදු නැණ පියස" බ්ලොග් අඩවියෙහි නිල ඇන්ඩ්‍රොයිඩ් යෙදුම

ඔන්න ඉතින් මම ගොඩක් කල් ඉඳලා හිතාගෙන හිටපු දෙයක් තමයි අපේ බ්ලොග් අඩවියටත් android app එකක් හදන එක. මොකද දැන් ඉතින් බ්ලොග් එකක් තියෙන හැමෝම තමන්ගේ  බ්ලොග් අඩවියට එන අයගෙ පහසුව සදහා blog apps හදනවානෙ. හැබැයි අපේ ඇප් එක අනිත් blog apps වලට වඩා විශෙශ්ෂයි. ඒ මොකද වෙනත් blog apps අඩුම තරමේ 2MB තරමේවත් ඉඩකඩක් භාවිතා කළත්, අපේ මේ ඇප් එකේ ප්‍රමාණය නම් 231KB තරමේ ඉතා කුඩා එකක්. ඉතින් ඔයාලා දන්නවානේ 231KB කියන්නෙ සාමාන්‍යයෙන්, හොඳ තත්වයේ ඡායාරූපයක් දුරකථනයේ ගබඩා කිරීමේදී වැයවන ඉඩ ප්‍රමාණයට සමාන ඉඩ ප්‍රමාණයක් කියලා. එ් නිසාම ඔබේ දුරකථනයේ ඉඩකඩ අඩු දුරකථනයක් වුවත් ඔබේ අනෙකුත් ක්‍රියාකාරකම් වලට මෙය බාධාවක් නෙවේවි  ඇප් එක Download කරගැනීමට පහත "Download" මත ක්ලික් කරන්න  >>>>>>>>>>>Download<<<<<<<<<<< 

#www.vidunanapiyasa.blogspot.com#

"Super android apps" අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක

මේක තමයි අප් පළවෙනි පෝස්ට් එක.

අපේ බලාපොරොත්තුව තමයි ඇන්ඩ්‍රොයිඩ් වලට ආදරය කරන ලාංකීය  පාඨක ඔබ සමග නිරතුරුවම රැදී සිට ඔබට ඉතා ප්‍රයෝජනවත් මෙන්ම ලොව ප්‍රසිද්ධියට පත් android apps ඔබ වෙත ලබා දීම.

එමෙන්ම ඔබගේ පෞද්ගලික වෙබ් අඩවියෙට හෝ බ්ලොග් අඩවියෙට පිවිසීමට නිර්මාණය කරන ලද android apps ආදියද keerthisinghe.nuwan@gmail.com යන ඊමේල් ලිපිනය මගින් අප වෙත එවා එම apps මෙම බ්ලොග් අඩවිය වෙත පැමිණෙන පාඨක ජනතාව වෙත නොමිලේම බාගතකිරීමට අවස්ථාව ලබාදිය හැක.

එලෙසම ඔබ විසින් නිර්මාණය කරන ලද web apps හෝ Blog apps යන ගනයට අයත් නොවන යෙදුම් වුවද මෙලෙස අප වෙත එවිය හැක.

අපගේ මෙම "super android apps" බ්ලොග් අඩවියෙහි නිල ඇන්ඩ්‍රොයිඩ් යෙදුම ලබාගැනීමට පහත "Download" මත ක්ලික් කරන්න.

>>>>>>>>>>>>Download<<<<<<<<<<<